මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය සැමරීමට තීරණය කර තිබේ.
“කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ මෙම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන අතර, මැයි 10 සිට 16 දක්වා නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
එම කාලය තුළ බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කිරීමටත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික