උත්සව සමයේ ආහාර වැටලීම්වලින් 1,200කට අධික පිරිසකට නඩු

Report

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන 21,796ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක්වුණු බවය.

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්

ඒ අනුව අදාළ පරීක්ෂා කිරීම් මගින් ආහාර වැටලීම් 2,114ක් සිදුකර ඇති අතර එහිදී නිලධාරීන් භාරයට ආහාර 4,308ක් ගත් බවය. ඉන් ආහාර 3,044ක් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකර ඇති අතර වෙළෙඳසැල් 1,289ක් සඳහා නඩු පැවරීමටද කටයුතු කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය පැවසුවේ මෙම ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා සැලසුම් කරන ලද ආහාර වැටලීම් මේ වන විටත් සිදුවෙමින් පවතින බවත් මෙම වැටලීම් උත්සව සමය අවසන් වෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ට ඇප

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ට ඇප