ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

Report

පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ සියලුම ප්‍රචාරක කටයුතු එළඹෙන මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව මැයි 03 වැනිදා සිට මැතිවරණ දිනය දක්වා වන කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම මේ වන විට අද (29) දිනය දක්වා සිදු කර ඇති බවත්, ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති අයෙකුට මැයි 30 වැනිදායින් පසු තම ප්‍රදේශයේ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

එසේම, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලකුණු කිරීම සඳහා සුළැඟිල්ල භාවිතා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.