යළිබලය ගන්න දැවැන්ත සැලැස්මක් හදනවා - මහින්ද රාජපක්ෂ

Report

බලය ලබාගැනීම සඳහා නව වසර තුළ දැවැන්ත දේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (20) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

ඉදිරි කාලයේදී දේශපාලනික වෙනසක් සිදුවන බවත් ඒ සඳහා තම පක්ෂය සූදානම් බවත් පැවසූ ඔහු, මෙවර මැයි දිනය පෝය දිනට යෙදී ඇති බැවින් පෙළපාලි වෙනුවට ආගමික වතාවත්වලට මුල්තැන දෙන බව ද පැවසීය.

එමෙන්ම, ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට අපොහොසත් වූ බවත් තමාට නම් අවුරුද්ද ජය බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි , අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි , අද ඩොලරයේ මිල ගණන් මෙන්න