රාජ්‍ය ගෞරව සහ රාජ්‍ය අනුග්‍රහය

Sinhala news
By Akash May 28, 2025 12:09 PM GMT
Akash

Akash

Report

සිංහල සිනමාවේ නිළි රැජිනිය මාලනී ෆොන්සේකා මහත්මියගේ මියයාමත් සමගම රාජ්‍ය ගෞරව සහ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව කතාබහක් ඇති වී තිබෙනවා.

බොහෝ අය මේ වචන දෙක පටලවාගෙන තිබෙන බවක් දකින්නට තිබෙනවා. මොකක්ද අපේ රටේ රාජ්‍ය අනුග්‍රහය සහ රාජ්‍ය ගෞරවය අතර තිබෙන්නාවූ වෙනස්කම් සහ එයට ඇති නිර්ණායකයන්?

රාජ්‍ය අනුග්‍රහය සහ රාජ්‍ය ගෞරවය කොටස් දෙකකට බෙදී යනවා. මේ සෑම කාර්යයක් සඳහාම කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබිය යුතුයි එයට හේතුව රාජ්‍ය වැය බරක් මේ සඳහා දැරීමට සිදුවන නිසා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යශයෙ අතීතයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙයට අදාළ වන මාර්ගෝපදේශන පොතක් ඇත (ගයිඩ් ලයින් බුක්)

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය අනුග්‍රහය ඒ වගේම පූර්ණ රාජ්‍ය ගෞරව රාජ්‍ය ගෞරව වශයෙන් කොටස් 4කට බෙදෙයි. මේ අනුව රාජ්‍ය නායකයකුගෙ අභාහවය මහානායක ස්වාමීන් වහන්සේගේ වියෝව එමෙන්ම සමාජය ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රභූවරයකුගේ මරණය සම්බන්ධව මෙහිදී ලබා දෙන්නා වූ ගෞරවය සහ අනුග්‍රහය සම්බන්ධයෙන් දළ අදහසක් අපට ඒ හරහා ලබා ගත හැකි.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

අදාළ මාර්ග උපදේශනයන්ට යටත්ව කැබිනට් මණ්ඩලය විසින් ලබා දෙන්නා වූ ගෞරවය සහ අනුග්‍රහකත්වය මෙය අනුව තීන්දු තීරණය කරයි.(සම්මත නිතිය) මේ අනුව දේශීයව හෝ විදේශීයව මිය යන රාජ්‍ය නායක හෝ හෝ ප්‍රබල ආගමික නායකයකු (උදාහරණයක් ලෙස පාප් වහන්සේ) සම්බන්ධය පූර්ණ රාජ්‍ය ගෞරව දැක්වීමේ දී ජාතික ධජය අඩු කනකිරීම ශොක දිනයක් ප්‍රකාශයට පත් කිරීම දේශීයව නම් හමුදා උත්තමාචාර ලබාදීම ආදී ඕනෑම ආකාරයේ ක්‍රියාවන් කැබිනට් මන්ඩලයට ගතහැක.

පූර්ණ රාජ්‍ය ගෞරවයේදී රාජ්‍ය නායකයකුට මෙන්ම සමාජයේ වැදගත් පුද්ගලයකු වියෝ වීමේදී ලබාදෙන්නා වූ රාජ්‍ය ගෞරවයේ වරප්‍රසාද වල වෙනසක් පවතී හැබැයි මේ ඕනෑම එකක් කැබිනට් මණ්ඩලයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවතී. 1 පූර්ණ රාජ්‍ය ගෞරවයේදී හමුදා උත්තමාචාරය හිමිවෙයි, ආචාර වෙඩිමුර මෙන්ම හමුදාවේ ආචාරයද රථ පෙරහරකින් දේහය රැගෙන ඒම ඇතුළු දේහයේ සතර කොණ ආරක්ෂක භටයන්ගෙන් ගෞරවයෙන් මුරකිරීමේ ස්වභාවයද ඇතුළත් වෙයි. රතු පලස මත දේහය ස්ථානගතකරයි.එය ඔබ්බට ගිය හොත් ජාතික ශෝක දිනයක් ජාතික කොඩි අඩගුණු කිරීම ආදී කරුණු ද ඇතුළත් විය හැක.

රජය වැයබර දරයි. 2 රාජ්‍ය ගෞරවයේදී සාමාන්‍ය පරිදි ත්‍රිවිධ හමුදාවේ ගෞරව ආචාරයට පාත්‍ර වූ පරිදි රතුපලස මත දේහය ස්ථාන ගතකර රාජ්‍ය වැය බරින් අමගුල් කටයුතු කිරීමටත් රාජ්‍ය නායකයාගේ සහභාගිත්වය සහ රාජ්‍යයේ ශෝක පණිවිඩය ඇතුළත් කොට අදාළ ගෞරවනීය සමුගැනීම කිරීමට හැක. 3 පූර්ණ රාජ්‍ය අනුග්‍රහයේදී අවමගුල් උත්සවයේ සියලූම වැය බර රාජ්‍ය විසින් දරන අතර යම් මුදලක් ගෙවීමට රජයට අමතක වුණහොත් පවුලේ උදවියට අදාළ බිල් ඉදිරිපත් කර එම මුදල ප්‍රතිපූර්ණ කර ගැනීමේ හැකියාවක් පවා පවතී ඒ සඳහා සියලූම වියහියදම් රාජ්‍යය විසින් දරනු ඇත.

4 රාජ්‍ය අනුග්‍රහයේදී යම් යම් සීමාවල් වලට යටත්ව අවමගුල් උත්සවයේ යම් කොටසක් සඳහා දායකත්වය සැපයීම රජයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව අවමගුල් උත්සවයේ මොන කොටසක් උදෙසා රජය විසින් මුදල් හෝ ශ්‍රමය ලබා දෙන්නේද යන්න පිළිබඳව මෙහිදී තීන්දු තීරණය කරනු ලබයි. ඒ අනුව ඒ කොටසකට පමණක් අවමගුල් උත්සවයේ දායකත්වය රජය ලබාදීම රාජ්‍ය අනුග්‍රහය ලෙස සැලකේ.

පසුගිය වසර දහයක කාලය තුළදී රාජ්‍ය ගෞරව සහ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ගරුතර මහනායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මෙන්ම ආචාර්ය ලෙස ජේම්ස් පීරිත් මහත්මා සහ පණ්ඩිත් අමරදේවයන්ට මෙලෙස රාජ්‍ය ගෞරව හිමිවී අවමගුල් උත්සව පවත්වන ලදී. මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවයේ වැඩ කටයුතු විවිධ පුද්ගලයන් සහ විවිධ ආයතන බර පැන දරා ඇති බව කටකතා පවතී මෙහි තිබෙන්නා වූ සත්‍ය අසත්‍යතාවය මත පූර්ණ රාජ්‍ය අනුග්‍රහයක්ද රාජ්‍ය අනුග්‍රහයක්ද ලබා දුන්නේ යන්න දේ පිළිබඳව ඔබට තීරණය කළ හැක.

රාජ්‍ය නායකයකු රටට පැමිණීමේදී ඔහුට ලබාදෙන්නා වූ රාජ්‍ය ගෞරවය සම්බන්ධයෙන්ද නිර්ණායක පවතී යම් රාජ්‍ය නායකයකු රාජ්‍ය ආරාධනයකින් තොරව පෞද්ගලික සංචාරයකදී රටට පැමිණි අවස්ථාවක ඔහුට යම් ආකාරයකින් රාජ්‍යය තුළ රාජ්‍ය ගෞරව ලබාදී පිළිගැනීමක් සිදුකළ හොත් එයා ලබා දීමන් එමෙන්ම එය ලබා ගැනීමද අදාල රාජ්‍ය නායකයාගේද වරදක් ලෙස සලකේ.



ReeCha