විශේෂ දැනුම්දීමක්. - ශ්‍රී පාද මාර්ගයේ යන අයට විශේෂ තහනමක් පනවයි.
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිනිම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර ප්‍රකාශ කරනවා.
හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ මතින් තොර ශ්‍රිපාද වන්දනාවකට සියළුම වන්දනාකරුවන් පෙල ගැස්විමේ අරමුණ මත මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන් දැනුවත් කිරිම සදහා දැන්විම් පුවරු සවි කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තහනම නොතකා මෙම මාර්ගයේ දුම් පානය, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කරන කරන දුම් වැටි හා මත් පැන් මත් ද්‍රව්‍ය අලෙවි කරන ලග තබා ගන්නා සියළුම පිරිස්වලට එරෙහිව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවද වීරසේකර මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)