පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි...කොළඹ ප්‍රදේශ ගණනක්ද ජලයෙන් යටවේ...
Colombo
Rainy weather
Gagana news
By Subodha
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත් (10) පළාත් රැසකට වැසි කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී උතුර, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
මේ අතර, ඊයේ (09) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ආමර් වීදිය , කොටහේන ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |