ඔබත් මේ වැරැද්ද කරන්නේ පරිස්සමෙන්... මුදල් සම්බන්ධයෙන් දඩුවම් ලැබෙන පණිවිඩයක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sithumi May 16, 2022 04:51 PM GMT
Sithumi

Sithumi

Report

උන්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් හුවමාරු කරමින් ජාවාරමේ නිරත වන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීමේ වැටලීම් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. මේ අතර මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වරදකරුවකු වුවහොත් ලැබෙන දඬුවම් පිළිබඳ ජනාධිපති නීතීඥ කලිංග ඉන්දතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළේය.

"මුදල් විශුද්ධිකරණය යටතේ වරදකරුවන් කොටස් තුනක් හඳුනාගන්න පුළුවන්. විශුද්ධිකරණය කරන පුද්ගලයා, ඒකට උදව් කරන පුද්ගලයා. යම්කිසි මුල්‍යමය ආයතනයකට විරුද්ධව නඩු පරන්න පුළුවන්. නඩු පැවරීම සිදුකරන්නේ මහාධිකරණයේ. වරදකාරයෙක් වුණොත් ඔහුට නීතියෙන් නියම කරන දඬුවම තමා වසර 5ක අවම සිරදඬුවමක්. වසර 5 සිට 20 දක්වා කාලයක සිරදඬුවමක් දෙන්න පුළුවන් ඒ මුදල් විශුද්ධිකරණයට ලක්වූ දේපළේ වටිනාකම හෝ වටිනාකම වගේ තුන්ගුණයක් දඩයක් වශයෙන් පනවන්න මහාධිකරණයට බලය තියෙනවා. ඊට අමතරව ඒ මුදල් විශුද්ධිකරණය තුළින් යම්කිසි දේපළක් උපයාගෙන තියෙනවා නම් ඒවා රාජසන්තක කරන්න ට පනතේ ප්‍රතිපාදන තියෙනවා."

උන්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් හුවමාරු කරමින් ජාවාරමේ නිරත පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදත් අත්අඩංගුවට ගැනුණි. උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා විදෙස් මුදල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පැපිලියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ

. පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යුරෝ 50,000 ක මුදලක් සමග අදාළ සැකකරු මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම මුදල් තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 187කි.

මේ අතර උන්ඩියල් ක්‍රමයට ඩොලර් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු සහ ඒ සඳහා අනුබලදුන් අයෙක් බොරලැස්ගමුව පිල්ලෑව පන්සල අසලදී විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ඔවුන් සතුව තිබූ අමෙරිකානු ඩොලර් 47,000ක් සමගිනි. සැකකරුවන් කිරුළපන නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 ක් ලෙස සටහන් වී තිබේ. ඩොලරයක ගැනුම් මිල රුපියල් 355.01කි. ඉකුත් බදාදා බලපත්‍රලාභී වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රු. 380ක අගයකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now