නේපාලය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Report

නේපාලය වෙත ගමන් කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා ගුවන් සේවය වාර්තා කරයි.

මෙයට හේතුව වන්නේ මේ වනවිට නේපාලය රට තුළ උද්ගතව ඇති දරුණු ගැටුම්කාරී විරෝධතා වාතාවරණයයි.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

මේ ආකාරයෙන් නේපාලය පුරාවට උණුසුම් විරෝධතා පැතිර යෑමට හේතුව වන්නේ පසුගිය දිනක නේපාලයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවයි.

එම තීන්දුවට විරුද්ධව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ විය.

මෙසේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් වේ.

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

ඒ අනුව අවාසනාවන්ත සිද්ධි දාමයකින් පසුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබුණද ඒ කිසිවක් නොතකා පාලක රජයට දැඩි විරෝධයක් පළකරමින් විරෝධතා අඛණ්ඩව පැවැත්විණි.

ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එළිමහනේ නොගොස් ගෘහස්ථව සිටිමින් ආරක්ෂාව සලසා ගන්නා ලෙස විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා සම්බන්ධ කරගැනීම සඳහා එමගින් දුරකථන අංකයක්ද ලබාදී ඇත.

එම දුරකථන අංකය වන්නේ

00977 - 9851048653