ඇල්ටෝ ලක්ස 40යි.. ප්‍රිමියෝ කෝටි දෙකයි.. වාහන මිළ තුළ හදිසියේ සිදුවූ වෙනස මෙන්න.. ..

By Sithumi Feb 17, 2022 03:58 PM GMT
Sithumi

Sithumi

Report

වාහන ආනයනය නතර කළ දිනයේ පටන් ලංකාවේ ජනතාව වාහන නැවත ආනයනය කරන දිනය පිළිබදව දැඩි උනන්දුවෙන් පසුවේ. ඊ‌ට හේතුවී ඇත්තේ භාවිතා කරන ලද වාහනවල මිල ගණන් අධිකවීමයි. කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ පටන් මේ වන විට කිහිපවරකදීම වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ

.එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ජනතාවට මිලදී ගැනීමට හැකි මට්ටමේ පැවති ඉන්දීය සුසුකි ඇල්ටෝ මෝටර් රථයෙහි මිල මේ වන විට රුපියල් ලක්ෂ 40ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම භාවිතා කරන ලද සුසුකි වැගන් ආර් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 60 ඉක්මවා ගොස් තිබේ.

මෙවැනි පසුබිමක ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිලෙහි ද අඩුවක් නොමැත. ලංකාව තුළ වැඩිවශයෙන් භාවිතා වන නිශාන් ලීෆ් මෝටර් රථයක මිල ලක්ෂ 25ත් 30ත් අතර මිල ගණන් වලට අලෙවි වේ. කෙසේ වෙතත් වාහන ආනයනයකරුවන් සදහන් කරන්නේ වාහන ආනයනය කරන තෙක් මෙරට තුළ භාවිතා කළ මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

සුසුකී ඇල්ටෝ – රුපියල් ලක්ෂ 35ත් 40ත් අතර

සුසුකී වැගන් ආර් – රුපියල් ලක්ෂ 55ත් 60ත් අතර 

ටොයෝටා විට්ස් – රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර 

ටොයෝටා ප්‍රිමියෝ – රුපියල් කෝටි 1.5ත් – කෝටි 2ත් අතර 

ටොයෝටා කොරොල්ලා – රුපියල් ලක්ෂ 50ත් 55ත් අතර 

ටොයෝටා ඇක්වා – රුපියල් ලක්ෂ 60ත් 65ත් අතර 

මයික්‍රෝ පැන්ඩා – රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර 

ටොයෝටා ඇලියන් – රුපියල් ලක්ෂ 75ත් 80ත් අතර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now