ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යන එන අයට සුබ ආරංචියක් - සතියකට තවත් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළට

Report

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංචාරක ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් 15 වැනිදා සිට මෙල්බර්න් නුවර බලා ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තවත් ගුවන් ගමන් වාර තුනකින් වැඩි කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව වෙත සතියකට ක්‍රියාත්මක වන සමස්ත ගුවන් ගමන් වාර සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යනු ඇත. නව ගුවන් ගමන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක වන අතර, දැනට පවතින දෛනික මෙල්බර්න් ගුවන් ගමන් සේවාව ද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.

නව කාලසටහනට අනුව, UL608 ගුවන් යානය පස්වරු 2.15ට කොළඹින් පිටත්ව පසුදින උදෑසන 5.40ට මෙල්බර්න් නුවරට ළඟා වීමට නියමිතය.

එහි ආපසු ගමන් වාරය වන UL609 ගුවන් යානය උදෑසන 7.10ට මෙල්බර්න් නුවරින් පිටත්ව දහවල් 12.10ට කොළඹට පැමිණෙනු ඇත. ශ්‍

රී ලන්කන් ගුවන් සේවයට අනුව, ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම අතින් වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් ලෙස ඕස්ට්‍රේලියාව සැලකේ. විනෝද චාරිකා සඳහා පැමිණෙන සංචාරකයින් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

මෙම ගුවන් ගමන් වාර වැඩි කිරීමත් සමඟ ලන්ඩනය, චෙන්නායි, දිල්ලිය සහ මාලේ වැනි ගමනාන්ත වෙත කොළඹ හරහා ගමන් කරන මගීන්ට වඩාත් පහසු සම්බන්ධතා ලබාගැනීමට හැකි වනු ඇත.

එමෙන්ම, හවුල්කාර ගුවන් සේවා හරහා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වෙනත් නගර වෙත ගමන් කිරීමේ පහසුකම් ද වැඩිදියුණු වේ.

මීට අමතරව, මෙල්බර්න් සිට කොළඹ හරහා මැද පෙරදිග ගමනාන්ත වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන පාරිභෝගිකයන්ට ද වැඩි ප්‍රවාහන ධාරිතාවක් සහ වේගවත් සම්බන්ධතා පහසුකම් හිමිවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.   

ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

සිමෙන්ති, තීන්ත, ටයර් ඇතුළු ආනයනික භාණ්ඩ 800ක සෙස් (CESS) බදු අඩු කිරීමට 2027 අයවැයෙන් යෝජනා - 2027 අප්‍රේල් 1 සිට බදු අනුපාත පහළට

සිමෙන්ති, තීන්ත, ටයර් ඇතුළු ආනයනික භාණ්ඩ 800ක සෙස් (CESS) බදු අඩු කිරීමට 2027 අයවැයෙන් යෝජනා - 2027 අප්‍රේල් 1 සිට බදු අනුපාත පහළට