මෝදර මුහුද හරහා පාර හැදුවොත් මාළුවන්ට එක පැත්තක ඉඳලා අනිත් පැත්තට යන්න බැරි වෙනවා කියලා මම එදාම කිව්වා - දැන් කෝ ඒ පාර?” - සුජීව සේනසිංහ 2027 අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව හොල්ලයි

Report

 2027 අයවැය විවාදයට එක්වෙමින් මෝදර ප්‍රදේශයේ මුහුද හරහා මාර්ගයක් ඉදිකිරීමට ඉදිරිපත් වූ යෝජනාව සහ වත්මන් රජයේ නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා  අදහස් පළ කළේය.

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

“ඔයගොල්ලන්ට මතකද, මෝදර ප්‍රදේශයේ මුහුද හරහා පාරක් හදනවා කියලා කිව්වා. මම එදාම කිව්වා, මේ පාර හැදුවොත් මාළුවන්ට මුහුදේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට යන්න බැරි වෙනවා කියලා. ඒ වෙලාවේ මන්ත්‍රීවරුත් කිව්වා මුහුද හරහා පාරක් හදනවා කියලා. පාර හදන්න ගියාම මම පෙන්වා දුන්නා, මේකෙන් මාළුවන්ගේ ගමනාගමනයට බාධා වෙනවා කියලා. අන්තිමේදී ඒකට විරෝධය පළ කරලා හරි ඒ ව්‍යාපෘතිය නතර කරගත්තා. දැන් කෝ ඒ පාර? අද ඒ ගැන කතාවක්වත් නැහැ. ඔහොම තමයි අනිත් යෝජනාවලත් තත්ත්වය. ඊළඟ අයවැයේදී විදුලි වාහන ගැන කියයි, තව අලුත් අලුත් දේවල් ගැන කියයි. ඊළඟ අවුරුද්දේ තවත් මොනවා හරි අලුත් දෙයක් ගැන කියයි.

මාළු අල්ලන App එක දැනටමත් ලක්ෂයක් භාවිතා කරනවා - විපක්ෂය ඇසු ප්‍රශ්නයට ඇමතිගෙන් හෙළිදරවිවක්

මාළු අල්ලන App එක දැනටමත් ලක්ෂයක් භාවිතා කරනවා - විපක්ෂය ඇසු ප්‍රශ්නයට ඇමතිගෙන් හෙළිදරවිවක්

ඒ නිසා මේ යෝජනා ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලන්න ඕනෑ. හැබැයි, අපේ විදුලිබල ඇමතිතුමා කරපු එක දෙයක් නම් මම ඇත්තටම අගය කරනවා. එතුමා බය නැතුව ඒ වාහනයට නැඟලා අත්හදා බැලීමක් කළා. එතුමා ඒ විදිහට ඉදිරිපත් වුණු එක අපි අගය කරනවා. අලුත් දෙයක් අත්හදා බලන්න එතුමා ඉදිරිපත් වුණු එක හොඳ දෙයක්. ඒ වෙනුවෙන් අපේ ප්‍රශංසාව එතුමාට හිමිවෙනවා. ඒ වගේම මෙවැනි වැඩපිළිවෙළවලට අපේ සහයෝගයත් ලබාදෙනවා.”