ලංකාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ ඔබ ඇහුවොත් පුදුම වෙන සැබෑ ජීවිතේ සහෝදර සහෝදරියන් මෙන්න.. (PHOTOS)
කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ නොදන්න ජිවිතය......... අද අපි කතා කරන්න යන්නේ ලාංකීය කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගේ කවුරුත් දන්න සහෝදර සහෝදරියන් ගැනයි.
ලාංකීය කලා ක්ෂේත්රය ගත් කල විවිධ හැකියාවන්ගෙන් දක්ෂ සහ ඔවුන්ටම ආවේනික ලස්සනකින් හා සුන්දරත්වයකින් හෙඹි අති දක්ෂ කලාගාරයක් කිවුවොත් මම නිවැරදි. මොවුන් විවිධ සිනමා නිර්මාන, ටෙලි නාට්‍ය හා මියුසික් විඩියෝ හරහා සුවහසක් රසික රසිකාවියන් ගේ සිත් දිනා ගනිමින් ඔවුන් අතරට යන්නේ එක් නිමේෂයකිනි. මෙරට සුවහසක් ප්‍රේක්ෂක රසික රසිකාවියන්ගේ සිත් දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගේ කවුරුත් නොදන්න සහෝදර සහෝදරියන් ගැන ඔබ මීට පෙර දැක තිබුණද?.
මෙවුන්ගේ සබදකම් පිලිබද ඔබ මීට පෙර දැනගෙන නොසිටින්නට ඇති. ඉතින් අද මේ කතා බහ ඔවුන් පිලිබදවයි.
01.ජැක්සන් ඇන්තනීසේනක ටයිටස් ඇන්තනි -
සුදත් ඇන්තනී සේනක ටයිටස් ඇන්තනි මෙවුන් තිදෙනා සහෝදරයන් වන අතර සේනක සහෝදරයන් පස් දෙනෙකුගෙන් වැඩිමලා වන අතර ඔහුගේ රංගන ජීවිතය ආරම්භ කළේ ඔහුගේ දෙවන සහෝදරයා වන වඩාත් ප්‍රසිද්ධ ජැක්සන් සමඟින්, නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ සේනක ඔහුගේ බාල සහෝදරයාට වඩා බොහෝ දක්ෂයෙකු බවයි
. ඔහු අබා, ද ඇන්ඩ්, ඝරසරප හා කූඹියෝ ආදි තවත් බොහෝ නිර්මාන වලට තම රංගනයෙන් දායක වි ඇත. පසු ගිය කලෙක ඔහු සිංගප්පුරු සංචාරයකදි හදිසියේ රෝගාතුර විම නිසා සිංගප්පුරු රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව මෙලොවින් සමුගත්තේ සුවහසක් ප්‍රේක්ෂක නෙත් වල කදුළු බිදු එක් කරමිනි.
ජැක්සන් ඇන්තනී මෙහු විටෙක අධ්‍යක්ෂකවරයෙකි විටෙක නළුවෙකි, විටෙක ගායකයෙක් වන මොහු 1958 ජූලි 8 වන දින ශ්‍රී ලංකාවේ රාගම, පොඩිවී කුඹුර ගම්මානයේ උපත ලැබීය. හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. අද වන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන මොහු මැත කාලයේදි සීයෙකුද විය. මොහු අභා , ඇඩ්ඩ්‍රස් නෑ, එක ගෙයි සෙකරි ආදි බොහෝ නිර්මාණ ගණනක් අධ්‍යක්ෂණය කර ඇත
. සුදත් ඇන්තනී සුදත් ඇන්තනී සහෝදරයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන් වෙනි දරුවයි.මොහු මැත කාලයේදි ඉතාම ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකි. ඒ්, දෙරණ නාලිකාවේ ප්‍රසිද්ධියට පත් දෙවෙනි ඉනිම කතා මාලාවේ , ඩිලාන්ගේ චරිතයෙනි . හැමෝම එක් වරම හදුනාගත් මොහු ජැක්සන් ඇන්තනී ගේ සහෝදරයාය. මොහුද ඔවුන් අනෙකුත් සහෝදරයන් දෙදෙනා මෙන් ඉතාමත් දක්ශ රංගන ශිල්පියෙකි.
02.ලවන් අභිෂේක්-ශානක උදේෂ
ලවන් අභිෂේක් ලවන් අභිෂේක් කාගෙත් හිත් සොරා ගත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් පමණක් නොව දක්ෂ ගායන ශිල්පියෙකි. මොහු ජනතා අතරට පැමිණෙන්නේ දෙරණ හරහාය. මැත කාලයේදි මොහු තරුණ තරුණියන්ගේ සිත් පැහැරගෙන ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතේ මහී ලෙසයි. මොහුගේ දක්ෂතාවය එක්ව මුසුවු රූපයද මොහුට තරුණියන් අතරට පැමිණිමට මනා රුකුලක් වන්නට ඇතයි අපි සිතනවා.
ශානක උදේෂ ශානක උදේෂ ද දෙරණ හරහා පැමිණි දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙක් වෙනවා. මොහු ලවන් අභිෂේක්ගේ සහෝදරයාය. මොහු මේ වන විටත් විවාහ වි කුඩා දියණියක් සිටින ආදරණිය සැමියෙක් මෙන්ම පියෙකද වනවා .
මෙහුද මේ දිනවල රංගනයේ දි ඉතා ප්‍රසිද්ධ වි ඇත්තේ සංගීතේ හරහාය මොහුද ලවන් මෙන්ම ඉතා කඩවසම් රංගන ශිල්පියෙකි 0
3. දිනක්ෂි ප්‍රියසාද්- ශේෂාද්‍රි ප්‍රියසාද්- ශනුද්‍රි ප්‍රියසාද්
දිනක්ෂි ප්‍රියසාද් 1990 මාර්තු 18 උපන් දිනක්ෂි ප්‍රියසාද් පවුලේ වැඩිමල් දරුවායි. 1992 වසරේ දෙහැවිරිදි වියේ පසුවන දිනක්ෂි ඇගේ පියාගේ චිත්‍රපටය ක් තුළින් රංගනයට පිවිසියේය. ඇයගේ පළමු ප්‍රධාන රංගන භූමිකාව 2009 උපුල් ශාන්ත සන්නස්ගලගේ සුප්‍රසිද්ධ ආදර නවකතාව වන වස්සාන සිහිනයේ ටෙලි නාට්‍යය. ඇය තමාටම ආවේනික සුන්දරත්වයක් හිමි දක්ෂ රංගන ශිල්පියෙකි .
ඇය මේ වන විට සාරංග දිසාසේකර හා විවාහ වි පුංචි සුරතල් දියණියකගේ මවක් වි ඇත. ශේෂාද්‍රි ප්‍රියසාද් ශේෂාද්‍රි ප්‍රියසාද් 1991 දෙසැම්බර් 2 වන දින සහෝදර සහෝදරියන් තිදෙනෙකු සමඟ පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබීය. ඇගේ පියා දිනේෂ් ප්‍රියසාද් සිංහල සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ නිෂ්පාදකයෙකු වන අතර මව ශිරාණි ප්‍රියසාද් ගෘහණියකි.
ඇයගේ මංගල සිනමා අත්දැකීම 1997 දී ඇයගේ පියා දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක මාස හතරක් වයසැති ළමා කලාකාරිනියක ලෙසින් පැමිණියාය.ඇය මේ වන විට විවාහ වි සිටි.
ශනුද්‍රි ප්‍රියසාද් 1997 සැප්තැම්බර් 8 වන දින උපත ලැබු ඇයගේ ප්‍රථම චිත්‍රපට චරිතය වූයේ ඇගේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔන්න බබෝ චිත්‍රපටයේ වන අතර පසුව ඇය රෝස කැලේ, සුවඳ දැනුනා ජීවිතයේ, අගර දඟර සහ ලැන්ටින් සිංඤෝ හි පෙනී සිටියාය. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කාගේ චරිතය නිසා ඇය ප්‍රසිද්ධයි.
2009 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ඇය විශේෂ ජූරි සම්මානයක් දිනා ගත්තාය.
04. මාධවී වත්සලා ඇන්තනී, අඛිල ධනුද්ධර ඇන්තනී , සජිත ඇන්තනි
මාධවී වත්සලා ඇන්තනී ඇය 1988 අගෝස්තු 6 වන දින ශ්‍රී ලංකාවේ කොළඹදී කලා පවුලක වැඩිමහල් දරුවා ලෙස උපත ලැබුවාය. ඇය විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනුබද්ධ ගුවන් නියමුවෙක් වන මිලාන් ධනංජය සිල්වා සමඟයි.
1994 දී වයස අවුරුදු හයේදී ඇය සිය මව කුමාරි මුණසිංහගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) A ශ්‍රේණියේ ළමා ගායන ශිල්පිනියක වූවාය. මෙම කාලය තුළ ඇය ළමා පිටිය සහ හඳ මාමා වැනි SLBC හි ළමා වැඩසටහන් රැසකට සහභාගී වූවාය. 1999 දී ඇය සවන FM (දැන් Shree FM) හි ළමා ගුවන් විදුලි නිවේදිකාවක් බවට පත් වූවාය.
ඉන්පසුව ඇය සිය මංගල රූපවාහිනියට පිවිසියේ ඇගේ පියා ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇසළ කළුවර රූපවාහිනී කතාමාලාවෙන්. අඛිල ධනුද්ධර ඇන්තනී සහෝදර සහෝදරියන් තිදෙනෙක් යුත් පවුලේ දෙවන දරුවාය. ඔහු සිරි පැරකුම් සහ ඇඩ්රස් නෑ යන ජනප්‍රිය චිත්‍රපටවල පෙනී සිටි අකිල සිනමාවේ සහ රූපවාහිනියේ ජනප්‍රිය නළුවෙකි.
අකිල විවාහ වී සිටින්නේ එමි සමඟ වන අතර එක් සිගිති දියණියක් සිටී. සජිත ඇන්තනි ඔහු 1991 නොවැම්බර් 11 වන දින ශ්‍රී ලංකාවේ කොළඹදී කලා පවුලක බාලම දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ දෙමාපියන්: ජැක්සන් ඇන්තනි, කුමාරි සඳලතා මුණසිංහ ය. ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන බුවිනිකා ඇන්තනී සමඟයි
. සජිත සිය රංගන ජීවිතය ආරම්භ කළේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සූරිය අරණ, ටිකිරාගේ චරිතයෙනි. මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. ඔහු සිය ප්‍රථම රූපවාහිනියට පෙනී සිටියේ "හපන් පැදුර" ය. මේ අතර ඔහු 2008 දී ඔහුගේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය මේ දිනවල ස්වර්ණවාහිණියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරා ගේ චරිතය රග දක්වයි.
05. සද්ධා මංගල සූරියබණ්ඩාර - චන්දන සූරියබණ්ඩාර
සද්ධා මංගල සූරියබණ්ඩාර සද්ධා මංගල සූරියබණ්ඩාර 1968 ජූනි 19 වන දින මහනුවර දී උපත ලැබුවේය. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අධ්‍යාපනය ලද මොහු වෘත්තීය මාධ්‍යවේදියා, මාධ්‍ය අධ්යක්ෂ, රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු, නළුවෙකු, තිර රචකයෙකු හා ගීත රචකයෙක් යන අංශ සියල්ලගෙන්ම සමන්විතය. ඔහු චේතනි ප්‍රියංගා විජේතුංග සමග විවාහ වි පිරිමි දරුවෙකු සිටි ඔහු නමින් ඉඳුවර සූරියබණ්ඩාර ය.
මෑත භාලයේදි ඉතාමත් ජනප්‍රිය නාඩගම්කාරයොහි තිර රචක, නිෂ්පාදක මොහුයි. චන්දන සූරියබණ්ඩාර චන්දන සූරියබණ්ඩාර ද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අතර දැනට 2015 වසරේ නාලිකා ප්‍රධානියා බවට පත් වූ සිරස TV හි විධායක නිලධාරියා වේ. චන්දන වැඩසටහන් අධ්යක්ෂවරයා ලෙස රූපවාහිනී වැඩසටහන් රැසකට සම්බන්ධ වී ඇති අතර ඔබ ද ලක්ෂපති මමද ලක්ෂපති යන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට සහ සටන දේශපාලන වැඩසටහනට සම්බන්ධ වී ඇත.
2018 වසරේ චන්දන සිරස ස්ටයින් චිත්‍රාගාරයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.චන්දන විවාහ වී සිටින්නේ මාධ්‍යවේදිනියක්, ලේඛිකාවක්, නිළියක් සහ රූපවාහිනී නිවේදිකාවක් වන තාරක වාසලමුදලිආරච්චි සමඟයි. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටී: ගිම්හාන් සහ මුනිනේර. කෙසේ වෙතත් මොවුන්ගේ අනාගත ගමන සාර්ථක කර ගැනීමට හැකිවේවායි අපි සුභ පතන්නෙමු