ප්‍රවාහන පහසුකම් ලබා දෙන මුවාවෙන් දහ අට හැවිරිදි තරුණියක් දූෂණය කළ අවාසනාවන්ත දරුණු සිදුවීම

By Sithumi Mar 09, 2023 04:50 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා  ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ.

ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ධාවනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් තරුණිය පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඒ අනුව රියදුරා සහ අනෙක් පුද්ගලයා ඇයව වරින්වර දූෂණය කළ බවට අනාවරණය වී ඇති බව විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවසුවා

එම තරුණිය මිත්තණිය භාරයේ හැදීවැඩී ඇති අතර මව බන්ධනාගාරගතව ඇතැයි ද මවගේ තෙවන සැමියා මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවද හෙළිවී ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.