ඔබත් පරිස්සමෙන් කාන්තා කල්ලියක් එක්ව මුදල් පසුම්බියක් සොරාගත් හැටි..

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Hatton
By Sithumi Dec 02, 2022 04:27 PM GMT
Sithumi

Sithumi

Report

බස් රථ වල ගමන් ගන්නා මගින්ගේ මුදල් පසුම්බි සහ දුරකථන ගැට කපන සංවිධානාත්මක කාන්තා කණ්ඩාමක නායිකාවක් මගියෙකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත (02) දින භාර දි තිබෙනවා. 

  තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදි ගොඩ වු කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයෙකුගේ රු 65000 ක මුදල් සහිත මුදල් පසුම්බිය ගැට කපා ඇති අතර, එහිදි එම තරුණයා මුදල් පසුම්බිය ගැට කැපු තරුණියව අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත. 

 සැකකාර තරුණිය මුදල් පසුම්බිය ඇය සමග පැමිණි අනෙකුත් තරුණියන් වෙත ක්ෂණිකව ලබා දි ඇති අතර , එම මුදල් පසුම්බිය රැගෙන එම තරුණියන් දෙදෙනා බස් රථයෙන් බැස පලා ගොස් ඇති අතර තමන් පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරිම සදහා රැගෙන පැමිණි මුදල් මෙසේ ගැටකපා ඇති බවයි මුදල් පසුම්බිය නැති වු තරුණයා පොලිසිය හමුවේ කියා සිටියේ. 

  අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වි සිටින සැකකාර කාන්තාව අහිකුණ්ඨක කණ්ඩායමක තරුණියක් බවත්, පලා ගිය සැකකාර තරුණියන් දෙදෙනා එම කණ්ඩායමේ සමාජිකයන් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. 

 පසුගිය දින කිහිපය තුල බස් රථ වල ගමන් ගන්නා මගින් සහ පාසල් සිසු සිසුවියන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකථන විශාල වශයෙන් අස්ථානගත වි ඇති බව හැටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන හැටන් පොලිසිය කියා සිටියා. 

 මුදල් පසුම්බිය රැගෙන පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මකයි.