ක්ෂමා සංවිධානයේ ලංකාවට රතු එළියක්..

Sri Lanka
By Sithumi Aug 20, 2022 05:04 PM GMT
Sithumi

Sithumi

Report



අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සහ සිවිල් සංවිධාන රැසක විරෝධය එල්ල කර තිබේ.

තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවද  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද (20) නිවේදනය කළා  , ය.  ආණ්ඩුවට විරෝධය පළකරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙරේදා (18) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ අවසර හිමි වුණා.

ඒ හේතුවෙන් ඊට විරෝධතාව පළ කරමින් මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව නැගී සිටින සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබුණි. එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙසත්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සඳහා නීතිඥයින් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha