ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට එන විදිය.. මෙන්න

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sithumi Jun 26, 2023 05:28 PM GMT
Sithumi

Sithumi

Report

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමටත් පෙරම සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට කණ්ඩායම් 6ක් සමත්ව තිබෙනවා ඒ අනුව ඒ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලබා සිටින්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයයි.

බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුදුසුකම් ලබාගත්තා

. සුපිරි 6 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

එම තරග පැවැත්වෙන අයුරු පහතින්, ජුනි 30 - ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය 
ජුලි 02 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
ජුලි 07 - ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව්  2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය හෙට ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙනවා.