උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කරන කාරක සභා වාර්තාව කඩිකිරීමට පියවර
ශ්‍රී ලාංකීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කර තිබෙන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
තේරීම් කාරක සභාවට අදහස් හා යෝජනා ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලාධාරින්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය දිනවල කැඳවා තිබෙනවා.
මේ අතර හෙට(15) තවත් විශ්ව විද්‍යාල 05ක නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරින් තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවයි අධිකරණ, බන්ධනාගාර කටයතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ
