අනුග්‍රහයට ජාතික ඔලිම්පික් කමිටුව එකඟවෙයි...

srilanka stort canchana jayarathna
By Nimal Jun 17, 2021 02:01 PM GMT
Nimal

Nimal

Report

2024 වර්ෂය සඳහා වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායම සඳහා අනුග්‍රහය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව එකඟතාවය පල කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

ඔවුන් මෙම එකඟතාවය පල කරන ලද්දේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර පසුගියදා ඔලිම්පික් නිවහනේ පැවති විශේෂ සාකච්ජාවකදී ය. මීට අමතරව මෙරට ජාතික ක්‍රීඩා වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට එකඟතාවය පලකරනලදී.

මෙම සාකච්ජාව සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා හා එහි ලේකම් ඒ.එස්.නාලක මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ද ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ද zoom තාක්ෂණය ඔස්සේ සහභාගී විය. 

ReeCha