ටිපර් රථයක සිදුකල දෙයක් නිසා දෙදෙනෙක් අත්තඩංගුවට..

By Sithumi Nov 27, 2022 03:31 PM GMT
Sithumi

Sithumi

Report


මන්නාරම නච්චිකුඩා ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ටිපර් රථයකින් රුපිල් මිලියන 7 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 24 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසනවා.

  උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නච්චිකුඩා වෙල්ලන්කුලම් මාර්ගබාධකයේදී සැකකටයුතු ටිපර් රථයක් නවතා සිදුකරන ලද සෝදිසියකදී එහි සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබූ අතර එහි රියදුරු සහ සහයකයාද අත්අඩංගුවට ගත්තා.