අරල්යි ගහ මැදුරට ගිය පිරිසක් සොයයි.. ඡායාරූප සහිතයි.. (PHOTOS )
By Sithumi
අරගලය ක්‍රියාත්මක වූ සමයේ පසුගිය මස 09වන දින අරලියගහ මැදුරට ඇතුලු වූ තවත් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතනවා.
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට එල්ලවන චෝදනාව වන්නේ අරලියගහ මැදුරට ඇතුලු වී එහි දේපලවලට අලාභ හානී සිදු කිරීමයි. ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර,
තොරතුරු දන්නේ නම් 0112421867, 0763477342 හෝ 1997 යන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එම ඡායාරූප පහතින්.


