කාන්තාවකට නරුම වැඩක් කල අයෙකු අරගල භූමියේදි මතුවෙයි...

By Sithumi Jul 04, 2022 05:44 PM GMT
Sithumi

Sithumi

Report

ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසා  සිටියි..


මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි රත්නපුර මහධිකරණයේ විභාග වන ස්ති‍්‍ර දුෂණ නඩුවේ මෙම සැකකරු ප‍්‍රධාන සැකකරු බවත්,මොහු අධිකරණය මග හැරමින් මාස 2 ට අධික කාලයක් අරගල භූමියේ සැගව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now