එක් විදුලි බලාගාරයක පිරිපහදුව නැවත යථා තත්ත්වයට..

By Sithumi Aug 20, 2022 06:00 PM GMT
Sithumi

Sithumi

Report

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසුවේය.

බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කර ඇත.

එම බොරතෙල් මෙට්‍රික්ටොන් 220,000 සමග පිරිපහදුව දින 40ක් සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවද වැඩිදුරටත් අමාත්‍ය කංචන විජේසේකර  මහතා  පැවසුවේය .