ලක්ෂ දහයකට ආසන්න වටිනා දේපළ සොරකම් කල බිරිදයි ස්වාමියයි අල්ලයි...
පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කල වැටලීමකදී කොල්ලකෑම් රැසකට සම්බන්ධ දෙදෙනකු එලෙස කොල්ලකන ලද භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා ස්වාමීයා සහ බිරිද වන අතර මොවුන් විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුතු ගෘහ භාණ්ඩ,විදුලි උපකරණ,සුවද විලවුන් වර්ග,ආහාර ද්‍රව්‍ය සහ සොරාගත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් අංක තහඩු වෙනස් කර සකස් කරන ලද යතුරු පැදියක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා සැකකාර පුද්ගලයා බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් නවයක අයෙක් වන් අතර සැකකාරිය එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු තිස් හයක තැනැත්තියක් බව පොලිසිය පැවසුවා.
මොවුන් දිවයිනේ ප්‍රදේශ රැසක මෙම කොල්ලකෑම් සිදු කර ඇති අතර මොවුන් ට විරුද්ධව පොලිස් ස්ථාන රැසකම පැමිණිලි විභාග වෙමින් පවතී.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.