මීළගට රටේ වැදගත්ම පුටුවකට පත් වෙන්න ඉන්න කෙනෙක් ගැන ආරංචියක්. යෝජනා වුණු නම් මෙන්න.
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sithumi
නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බව ප්‍රසිද්ධ පුවත් පතක් පවසනවා.
මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිත බවයි වාර්ථා වන්නේ.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනාවී තිබෙනවා.
පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි එම පුවත් පත වැඩි දුරටත් දක්වා තිබුණේ.
පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු වනවා.