යූ ටියුබ් බලලා දෙන්නෙක් කරපු වැඩක් නිසා අන්තිමට වුණු දේ.. ඔක්කොම පොලිස් භාරයට
යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා වශයෙන් අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් ගෙන තිබෙනවා.
ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසුවා.
සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසන අතර සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකෙළා.