මහමග ගුටි බෙදාගත් සිසුන්ට අද පස්වරුවේ පොලීසියෙන් ලැබුණු දේ..

By Sithumi May 23, 2023 10:45 AM GMT
Sithumi

Sithumi

Report

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 5 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. 

 බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු එලෙස අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා. 

 සැකකරා සිසුන්ව අද සවස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී පාසල් සිසුන් 5 දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කළ අතර සෑම මසකම අවසන් ඉරුදින ⁣ 9ත් 12ත් අතර බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝගය කර තිබෙනවා. 

 එම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල සංසරණයවීමත් සමග ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. 

 පසුව සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර එහිදී සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීම සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඊට අමතරව අදාළ ස්ථානයේ දබර කරගැනීම හේතුවෙන් තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.