අපරාධ ඉහළට.. පරිස්සමෙන්.. පොලීසියෙන් අනතුරු අගවයි..

By Sithumi Jun 17, 2022 04:06 PM GMT
Sithumi

Sithumi

Report

ගාලු මුවදොර හා විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල සැරිසැරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

 නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ පසුගිය මාස 2ක ආසන්න කාලය තුළ ගාලු මුවදොර සහ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශයේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බවය. 

 යතුරුපැදි සොරකම් කිරීම්, ත්‍රීරෝද රථ සොරකම් කිරීම්, ජංගම දුරකථන සොරකම් කිරීම් සහ මුදල් සොරකම් කිරීම් ඒ අතර වන බව පොලීසිය පවසයි. පුද්ගලයින් අතර ඇතිවන ආරවුල් නිසා පහරදීම් පිළිබඳවද වාර්තා වී ඇති අතර ඊයේ (16) රාත්‍රියේද එවැනි පහරදීමක් වාර්තා වූ බවත් සඳහන් කරයි. 

ගාලු මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවූ එම පහරදීමේදී එක් අයෙක් රෝහල්ගත කෙරුණු අතර පහරදුන් පුද්ගලයාව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට සැකකරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join now