තෙල් මිල සම්බන්දයෙන් නැවතත් සිදුවෙන්න යන වෙනස..

By Sithumi Nov 12, 2022 06:08 PM GMT
Sithumi

Sithumi

Report

    භුමිතෙල් මිල වහා අඩු කරන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය රජයට බලකර සිටිනවා. භුමිතෙල් මිල වැඩිවීමෙන් ධීවර කර්මාන්තය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ. 

 මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ලේකම්වරිය පැවසුවේ සඳුදා දිනයේදී අමාත්‍යවරයා සමග සාකච්ජා කර ධීවරයින්ට සහනයක් ලබාදිමට කටයුතු කරන බවයි.  

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 430 ක්.

 රුපියල් 25 ක මිල සංශෝදනයක් සමග ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 දක්වා ඉහළ ගොස් තිබේ. ලංකා සුපිරි ඩීසල් , පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල්වල මිල ගණන් නොවෙනස්ව පවතින බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ නිවේදනයේ දැක්වෙනවා.