මාලිමාව දිනුවොත් ‘ජනතාවගේ දේපළ සහ නිවාසවලට’ කරන දේ මෙන්න
මාලිමාව බලයට පත්වූ අවස්ථාවක ජනතාවගේ ව්‍යාපාර පවරා ගැනීමක් සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ජනතාවගේ දේපළ සහ නිවාස රජයට පවරා ගන්නා බවට ප්‍රචාරය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි ජාතික ජන බලවේගයේ මාතලේ රැලිය අමතමින් ඔහු සඳහන් කළේ. “හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි. මේ පවරා ගත යුතුයි යන සටන් පාඨය විරුද්ධ පක්ෂ නායක සජිත්ට තේරුම් ගත නොහැකි වෙලා තිබෙනවා.
ඒ,ඔහු මාලිමාවේ ජයග්‍රහණය දකින නිසා, ජනතාවට කියනවා මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නා බවට කතාවක්. සජිත්ට තේරෙන්නේ නෑ.ජනතාව කළ යුතු වැඩ අපි කරන්නේ නැහැ. ජනතාවගේ ව්‍යාපාර අපි පවරා ගන්නේත් නැහැ.
ජනතාවගේ වැඩ ජනතාව කළ යුතුයි. ඔබ ඔබේ දෙමව්පියන් බලා ගත යුතුයි. සජිත්ගේ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලා ගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා. මේ වගේ රජයෙන් නඩත්තු වෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒවා අපි නතර කරනවා.
ඒ වගේම පාර්ලිමේන්තු ගිහිල්ලා අවුරුදු පහටම දවස් 20ක් පාර්ලිමේන්තු වාර්තා කළ අයට විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒ අය නඩත්තු කිරීම රජයට පවරාගෙන තිබෙනවා. මාලිමාව පාලනයක් යටතේ ඒවා අපි අත්හැර දමනවා. ” යනුවෙන් ද කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර සිටියා.
