දුම්රිය 23ක් අවලංගු වේ - දුම්රිය දෙපාර්තමේන්තුව

Report

දුම්රිය 23 ක් අද මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එයට හේතුව ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ රියදුරන් නොමැති වීමයි. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ප්‍රධාන, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය අවලංගු වීම් වාර්තා වන බවයි.

කෙසේ වෙතත්, හෙට (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්