අසුබ වසරක් සුබ කරන හැටි ජවිපෙ නායක අනුර කියයි
දැවැන්ත අර්බුද රැසක් කරපින්නා ගෙන අද(ජනවාරි 01) අරඹන අසුභ වසර සුභ කර ගැනීමට ඇති එකම බලාපොරොත්තුව ජනතාවගේ නව දේශපාලන නැගිටීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්ධන,ගෑස්,බස් සහ කුලී රථ ගාස්තු,හාල්,පොල් එළවළු,ලුණු,මිරිස්,බේකරි නිෂ්පාදන,කිරිපිටි ඇතුළු සියලු ආහාර මිල ගණන් ඉහළ යාම හා භාණ්ඩ හිඟය ඉහළ ගොස් ජනතාව දැවැන්ත ව්‍යසනයකට ගොදුරු වී ඇත.
මේ මොහොතේ වගකියන පාලකයෙකු හෝ පාලනයක් පෙනෙන්නට නොමැති බවත් ආණ්ඩුවේ මදි නොකියන්නට ඇත්තේ අමන තීරණ හා කටමැද දොඩවීම පමණක් බවත් ජවිප නායකතුමා පෙන්වා දෙයි .
හැත්තෑ දෙකක් පුරාවට ඉගෙන ගන්න බැරි වුණු දේශපාලන පාඩම් ගෙවුණු වසර දෙක තුළ ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වුණු අතර ඒ අත්දැකීම් සමග නැවුම් දේශපාලන ගමනක් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් අදිටනින් පෙළගැසෙමින් සිටින බවත් රට තෝරාගෙන ඇති දේශපාලන ව්‍යාපාර කුමක්දැයි අවබෝධ කර ගැනීම රටටම සුභ වනු ඇති බවත් දිසානායක මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |