හකීම් සහ රිෂාඩ් ආණ්ඩුවට ගන්න හදන බැසිල්

#Srilanka-news#sinhala-news#politics#basil-rajapakshe#members-of-parliament#government#
By krishani Jan 01, 2022 11:45 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.

එම මන්ත‍්‍රීවරුන් විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ද සාකච්ඡා කරමින් සිටී.

එම සාකච්ජා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇත. පසුගිය අයවැයට පක්ෂව අදාල මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන් පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now