කෙටි පණිවුඩයක් නිසා පෙම්වතියට කැති පහරක්
කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව පැවසෙන 40 හැවිරිදි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම ආරවුල ඇතිවී තිබෙන්නේ කාන්තාවගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබූ කෙටි පණිවුඩයක් හේතුවෙන්. එම ආරවුල දුරදිග යෑමෙන් ඉකුත් 12 වනදා අලුයම් කාලයේදී කාන්තාවගේ නිවසේ ඉදිරිපස ජනේලයේ වීදුරුව කඩා නිවසට ඇතුළුවී තිබූ සැකකරු, කැත්තකින් පහරදී ඇයට බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
එම සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත ගොස් භාරවී තිබෙනවා
මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු බණ්ඩාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා
