අතුරුදන් වූ මෙරට තරුණිය ගැන ඇහෙන භයානක කතාව.(VIDEO)

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka
By Sithumi May 12, 2023 11:21 AM GMT
Sithumi

Sithumi

Report

තම සේවා ස්ථානයට යෑම සඳහා නිවසින් පිටත්වූ තරුණිය අතුරුදන්වී ඇති බවට ඇතැම් මාධ්‍ය ඊයේ වාර්ථා කළා. 

 ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය අද (12) පැවසූ අතර මෙලෙස අතුරුදන්වී තිබුණේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. 

 "මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව." 

 "දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා." "එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා  තිබෙනවා. 

නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ." "අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක එම ප්‍රදේශයේම තරුණයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවත් වාර්තා වුණා.

" තම සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා දින 5ක සිට අතුරුදන්වී තිබුණා.

බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබණා.   

ඉන් තවත් මීටර් 50ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ ෆාතිමා මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති අතර කිසිදු ප්‍රදේශවාසියෙකු ද ඇයව දැක නොමැති අතර ඒ අනුව ගම්පොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඊයේ (11) ගම්පොළ වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැළෑබඳ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW