මත්පැන් මිල ගැන රජයෙන් හදිසි තීරණයක්..

Government Employee Sri Lanka Government
By Sithumi May 23, 2023 01:58 PM GMT
Sithumi

Sithumi

Report

මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"2023දී මේ මිල වැඩිකිරීමත් එක්ක සුරා භාවිතය අඩුවුණා ලංකාවේ. මේ අවුරුද්දේ මේ මාස කිහිපය තුළ සියයට 30ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා. මේක අඩුවීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩුවීම යොමුවෙන්නේ නිත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ.

මේ රටේ රෝගීන් බිහිකරන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. නමුත් අපිට මිල අඩුකරන්න බෑ. මම දැක්කා පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියා සුරා මිල අඩුකරන්න රජය සූදානම් කියලා. නෑ අපිට අඩුකරන්න බෑ.

අපි බැඳිලා ඉන්නවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතුයි කියන නියමයක් තියෙනවා. නැත්නම් මේ අනිත් භාණ්ඩ ඉහළ මිලක තියෙද්දී සුරාව අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ."