පෙම් සබදතාවයක් ගිය දුරක්.. සිදු වූ මහපොළව නුහුලන ඛේදවාචකය..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Sithumi
වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් 26 හැවිරිදි එක්දරු මවකට වෙඩි තබා ඇය ඝාතනය කර ඔහුද වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
නීලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම ඔහු මිය ගිය කාන්තාව විවාහ වීමට පෙර ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බව පැවසෙන අතර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂා ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා ඊයේ රාත්‍රියේ නිවසින් පිටව ගොස් අද පෙරවරුවේ නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |