ශ්‍රී ලංකාවට ණය ගැටලුවක්...ඉදිරියේදි ලංකාවටම වෙන්න යන දේ

srilanka news Economy Srilana
By Sithumi Jan 13, 2022 12:00 PM GMT
Sithumi

Sithumi

Report

ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර ගෙන ඇත. 

මේ අනුව ශ්‍රී ලංකාව සීසීසී+ (CCC+) සිට සීසීසී (CCC) පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ යනු ලොව ප්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ කාර්යාංශ තුනෙන් එකකි.   

“ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක තත්ත්වයක තිබෙන්නේ” යැයි ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළ දමන බව නිවේදනය කරමින් ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය සඳහන් කළේ ය. 

ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක බව සඳහන් කරන අතරම ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය තත්ත්වය ඉදිරි කාර්තුවලදී තවදුරටත් පිරිහීමට ලක්වනු ඇතැයි ද එම සමාගම සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ. මේ තත්ත්වය නිසා ඉදිරි මාස 12ක කාලයේ දී ශ්‍රී ලංකාවේ ණය සේවා පිරිවැයකරණය (ණය ගෙවීමට ඇති හැකියාව) ට බලපෑම් එල්ල වනු ඇත. 

ශ්‍රී ලංකා ආණ්ඩුව සිය ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වුවහොත් සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ ගියහොත් ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ හෙළන බව ද ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය දන්වා ඇත.