කම්කරුවන්ට ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

By Sithumi May 23, 2023 01:11 PM GMT
Sithumi

Sithumi

Report

කම්කරු අමාත්‍යංශයේ වාර්ෂික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය සේවා සේවක සංගමය ඇතුළුව තවත් වෘත්තීය සමිති 03ක් ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) ඇතුළත් නොකළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

ජාතික කම්කරු උපදේශන සභාවේ පත්වීම් වාර්ෂිකව ප්‍රදානය කරන අතර සෑම වසරකම අවසානයේ සාමාජිකත්වය අවසන් වනඅතර අවසන් වරට 2022 දී ජාතික කම්කරු උපදේශන සභාවට ලබා දුන් සාමාජිකත්වය 2023 දී කල් ඉකුත් වන බවත්, මේ බව පත්වීම් ලිපියේ සඳහන් කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරනවා.

NLAC හි ව්‍යවස්ථාවට ගරු කිරීම අත්‍යාවශ්‍ය වන අතර එය ජාතික වශයෙන් කම්කරු හඬ වෙනුවෙන් නියෝජිතයින් එකතු කර ගැනීම අරමුණ වන අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනට පවතින උපදේශන සම්බන්ධයෙන්, ජාතික පුවත්පත් තුනකින් භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.