යළිත් රටටම අවදානමක් ද.. එක් ප්‍රදේශයකින් කඩු හමුවෙයි..

By Sithumi May 13, 2023 11:49 AM GMT
Sithumi

Sithumi

Report


ල්පල්සුල්ගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසිනුයි.

ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගස් සැකකරුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අත්තායි හා කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

සැකකරුවන් අද (13) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළා.