ලැගුම් හලෙන් වැටී මිය ගිය කළුතර දැරියගේ ජංගම දුරකථනය ගැන ලැබුණු ආරංචිය..
By Sithumi
කළුතර ලැගුම්හලක රැඳීසිට අභිරහස් ලෙස මියගිය සිසුවියගේ ජංගම දුරකථනය සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිසුවියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද (12) පස්වරුවේ කළු ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. කළුතර 05 මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ලැගුම්හලක රැඳීසිටි සිසුවියක් අභිරහස් ලෙස ඇදවැටී මියයගොස් තිබුණේ ඉකුත් 06 වනදා රාත්‍රියේ වන අතර මෙලෙස මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ටිහාරා නිර්මානි සිල්වා නමැති සිසුවියක්.
සිසුවියගේ මියයෑම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින්ගෙන් ලද තොරතුරුවලට අනුව මෙලෙස ජංගම දුරකථනය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.