තවත් තරුණ පිරිසකගේ රට රැකියා සිහිනය හැබෑවක් වෙයි..?

By Sithumi Jun 20, 2023 01:14 PM GMT
Sithumi

Sithumi

Report


. දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් පිරිසක් අද (20) එරට බලා පිටත්ව යෑමට නියමිතයි. ඒ අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර 2004 වසරේදී ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව, දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම ඔවුන් වෙනවා.

එරට ධීවර ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 52 දෙනෙකු අද දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත වන අතර එසේම දකුණු කොරියාවේ නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාව (Re-entry) සඳහා යන ශ්‍රි ලාංකිකයින් 80 දෙනෙකු හෙට (21)  දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.

 2023 ජනවාරි 01 වනදා සිට 2023 ජූනි 20 වනදා දක්වා ශ්‍රි ලාංකිකයින් 3,354 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඉන් 2585 දෙනෙකු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, 769 දෙනෙකු නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය පිරිස වනවා.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් යොමු වී ඇත්තේ දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 2,804 ක් වන අතර ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 397 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 36 දෙනෙකුද, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රි ලාංකිකයින් 2කු පිටත්ව ගොස් තිබෙනවා.