ශ්‍රී ලංකාව ගැන IMF සිය ස්ථාවරය ප්‍රකාශ කරයි..

By Sithumi Jul 15, 2022 04:18 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමග සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමග සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා යළි ඇරඹීම වෙනුවෙන් වත්මන් තත්ත්වයේ සමනයවීමක් බලාපොරොත්තු වන බවය. එසේම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය සහාය දක්වනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දුනීසියාවේ බාලිහීදී G20 රටවල මුදල් අමාත්‍යවරු සහ මහබැංකු අධිපතිවරු අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 

Join now