පාන්දර නිවසකට ඇතුළු වූ පිරිසකට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Ministry of Defense Sri Lanka
By krishani
බලංගොඩ කිරිගල ප්‍රදේශයේ නිවසකට ඊයේ(21) අලුයම 2.30ට පමණ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට නිවැසියන් සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මොහු 28 හැවිරිදි බලංගොඩ මුහුණමලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
නිවැසියන් පොලිසියට ඒ පිළිබඳ දැනුම් දී ගිලන්රථයකින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබුණ ද ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේ සිටි සැමියා, බිරිඳ සහ බිරිඳගේ මව්පියන් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.