කොවිඩ් ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුළ ...

srilanka health pavithca wanniarchchi
By Nimal Aug 14, 2021 09:55 AM GMT
Nimal

Nimal

Report

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය යඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කරමින්, වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුළ රැක බලා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරිණ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි එම වැඩසටහන මුළු දිවයිනම ආවරණ වන පරිදි වෛද්‍යවරු 1000 කගේ පමණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම වැඩසටහන අද (14) රත්නපුර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද අතර, ක්‍රමාණුකූලව මුළු දිවයිනම ආවරණය පරිදි ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම වැඩසටහන පිළිබදව මෙරට සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කටයුතු අවසන් කොට ඇති අතර, පූර්ව සීමාවාසික පත්වීම් අපෙක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් 426 කට ද පුහුණූව ලබාදී ඇත. තවත් එවැනිම වෛද්‍යවරු පිරිසක් පුහුණු කිරීමට ද කටයුතු යොදා ඇත. සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවධානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීම මෙන්ම අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමට මෙහිදී පියවර ගනු ලැබේ. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔවුනට ලබාදී ඇති මාර්ගෝපදේශ හා නිර්ණායකයන්ට අනුකූලව වෛරසය ආසාදිතව නිවෙස් තුල ප්‍රතිකාර සදහා ලියාපදිංචි කර යොමු කරන රෝගීන්ට පමණක් පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය (Call Center - 1390) සමග සම්බන්ධ විය හැක. දින 14 ක වෛද්‍ය අධීක්ෂණයෙන් පසු ද දින 07 ක් යන තෙක් රෝගීයාට මෙම සේවාව ලබාගත හැකිවීම ද විශේෂත්වයකි. ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය. පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ.

එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය හා සම්බන්ධ වේ. දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ. රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ. එම අධීක්ෂණ කටයුතු වල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබයි, ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත.      




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now