තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක්...

srilanka health paviththa wanniyarachchi
By Nimal Aug 05, 2021 04:29 AM GMT
Nimal

Nimal

Report

  රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.

මේ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ඊයේ (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ සිදු කරනු ලබන කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාල ගැටළු සහගත තත්ත්වයන් නිරික්ෂණය කිරිම සදහා විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වන ලදි.තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක්... | Srilanka Health

නිරීක්ෂණයෙන් පසු අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරිය - “රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මමත්, සෞඛ්‍ය ලේකම්තුමත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් රෝහල් කිහිපයකටම යනවා. ඒ අනුව තමයි අද රාගම රෝහලට පැමිනියේ. කොවිඩ් ආසාදිතයින් රෝහලට රැගෙන ආ පසු පළමුවෙන්ම රෝගින් ඇතුලත් කරන වාට්ටුවක් තිබෙනවා. ඉන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුළ ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කරනු ලබනවා.” “පසුගිය දවස්වල සාමාජ මාධ්‍ය ජාල තුළ අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න වාට්ටු සියල්ල එක වගේ කියලා පෙන්වා දී තිබුනා.

අද රෝහලේ අධ්‍යක්ෂ තුමා සමග සාකච්ඡා කළේ රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා වෙන් කිරීමට සහ තවත් තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම පිළීබදවයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ ලියනගේ රණවීර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය