එන්නත් කරනයට දැඩි උනන්දුවක් ...(photo)
ගණේමුල්ල දකුණ ග්‍රාමසේවා වසමේ ජනතාවට කොරෝනා එන්තත් කිරීමේ වැඩ සටහන ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්පහ සෞඛ්‍ය අධිකාරි කාර්යාලය මගින් අද දිනයේ ගණේමු්ල්ල ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී ක්‍රියාවට නැංවුහ.
මෙහිදී ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගම්පහ සෞඛ්‍ය අධිකාරි කාර්යාලය ට අයත් සියළුම ග්‍රාමසේවා වසම් ආවරනය වන පරිදි ලබාදීමට පියවර ගන්නා බව ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරකන්දෙනිය කොට්ඨාශය බාර )දුලාන් සේනාරත්න මහතා පවසයි.
කොරෝනා වයිරසයේ ජනතාව බේරා ගැනීමේ අරමුණින් රජය ගෙනයන වැඩ සටහන ක්‍රියාවට නංවමින් අද දිනයේ පැමිණි සියළුම දෙනාට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගත්හ.
මෙම දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩ සටහන මේ අයුරින් මේ මස 07 වන දින දක්වා ක්‍රියාවට නංවන බවද දුලාන් සේනාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.මෙහිදී ජනතාව ඉතා ඹ්නෑ කමින් එන්නත් කිරිමේ ක්‍රියාවලියට පැමිණෙන අයුරු දක්නට ලැබිණ.