තවත් පිරිසකගෙන් රජයට අනතුරු ඇඟවීමක්

By Sithumi Mar 13, 2023 05:39 PM GMT
Sithumi

Sithumi

Report

රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මෙවරත් නියමිත දිනට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයේ වෘත්තිය සමිති පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තිය සමිති මේ බව පැවසුවා මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන තවමත් ලැබී නොමැති බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය මේ වනවිට සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතු නමුත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණක් බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසනවා.

යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණද මාර්තු 20ට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමේ හැකියාවක් නොමැති බවයි මුද්‍රණාලයාධිපතිනිය ඊයේ සඳහන් කළේ,