තව අවුරුදු දෙකකින් අපි බඳිනවා, වැඩේ කරලා ගෙදර යන නිසා මට කටකතා හැදෙනවා අඩුයි-සඳනි ප්‍රනාන්දු..(PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ. කොහොම නමුත් අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු දරමින් ඉන් පසුව නිරූපණ ශිල්පිනියක් විදිහට කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් පුංචි තිරයෙන්, රිදී තිරයෙන් මෙන්ම වෙළඳ දැන්වීම් හරහාද දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘බන්ධනා’ ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයින් හමුවට එනවා.
ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය බොහෝ වෙලාවට රඟපාන චරිතය පිළිබඳ අධ්‍යයනය කරලා තමයිලු ඒ චරිතය භාර ගන්නේ. ඉතින් ඇයට ගැළපෙනවද, ඇයට ඒ චරිතය කරන්නට පුළුවන්ද කියලා ඇය ගොඩක් වෙලාවට හිතනවාලු.
ඉතින් බන්ධනා කියන්නෙත් ඇය හොඳට අධ්‍යයනය කරලා ඇයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුන නිසා භාර ගත්ත චරිතයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම චරිතයක් තෝරා ගන්නකොට ඇයගේ අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයිලු ඇය ඒ චරිතය තෝර ගන්නේ. ඉතින් ඇය ඇයගේ තනි කැමැත්ත විතරක් බලන්නේ නැහැලු. ඒ වගේම අම්මයි තාත්තයි කියන්නෙත් ඇයගේ හොඳ ප්‍රේක්ෂකයෝ දෙදෙනෙක් කියලත් ඇය කියනවා.
ඉතින් එයාලගේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් ඇය දෙවරක් නොසිතාම ඒ චරිතය භාර ගන්නවාලු. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට ලැබෙනවා කියන්නේ එය ඇත්තටම පිනක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම කෙනකුට අවංක ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින් කියලත් ඇය කියනවා. ඇය මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ වයස අවුරුදු දහ අටේදීලු. ඒ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය විදිහට. ඉතින් ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් කිහිපයකින් ප්‍රේක්ෂකයින් අතරට යෑමට අවස්ථාව ලැබුණා කියලත් ඇය පවසනවා. ඒ වගේම ඇය නිලියක් විදිහට මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට යන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යය හරහා කියලත් ඇය මතක් කරනවා.
ඉතින් රසිකයන් යම් කෙනෙකුට කැමැති වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ යම් දක්ෂතාවයකට නැතිනම් යම් කිසි ආකර්ෂණයකට කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇය සෑම විටම උත්සාහ කරන්නේ ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය රැක ගන්නලු. ඉතින් ඒ වගෙම ඇය හෘද සාක්ෂියට එකඟව ජීවත් වන කෙනෙක් කියලත් ඇය පවසනවා. ඉතින් ඒක ඇයගේ ප්‍රතිපත්තියක්ලු. ඒ වගේම හදවතට එකඟ නොවන කිසි දෙයක් ඇය කරන්නේ නැහැලු. ඒ වගේම ඇය සාමාන්‍යයෙන් වැඩේ කරලා ගෙදර යන කෙනෙක් නිසා බොහෝ දුරට ඇයට කටකතා හැදෙනවා අඩුයි කියලයි ඇය කියන්නේ.
ඉතින් ඒ වගේම ඇයගේ පෙම්වතා වන පියත් රාජපක්ෂ සහ ඇය ගායනා කරපු ඇයගේ පළමු ගීතය වන ‘ආදරේ මා නමින්’ ගීතය එළි දැක්වූවා කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම දැනට ඇය සංගීත විෂය හදාරනවා වගේම ඉදිරියේදී ගීත කිහිපයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ පෙම්වතාගෙන් ඇයට කියා ගන්නට බැරි තරම් සහයෝගයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඔහු ඇයගේ සෑම වැඩකදීම ඇයගේ ලඟින්ම ඉන්නවාලු. ඒ වගේම රංගනයේදී චරිත තෝරා ගැනීමේදී වුණත් ඔහු ඇයට මේ දේවල් කරන්නට එපා කියලා සීමා දමන්නේ නැහැලු.
ඒ වගේම දෙන්නම එකම වෘත්තියේ ඉන්න නිසා දෙදෙනාට දෙදෙනාවම තේරුම් ගැනීමට පහසුවක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම පියත් වගේ කෙනක් ඇයගේ ජීවිතයට ලැබීම එක්තරා ආකාරයකට ඇයට ලැබුණු භාග්‍යයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඔවුන් දෙන්නම විවාහය ගැන නිතරම කතා කරනවාලු.
ඇයට තවම වයස විසි තුනයිලු. ඒ වගේම පියත්ව වයස අවුරුදු විසි හතයිලු. ඉතින් ඔවුන් දෙන්නා තව අවුරුදු දෙකකින් වගේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම දෙන්නටම වෙන් වෙන් වශයෙන් සැබෑ කර ගන්න ඉලක්ක වගේම දෙදෙනාටම එක්වී සැබෑ කර ගැනීමට සිහින බොහොමයක් තිබෙනවා කියලත් ඇය කියනවා. ඉත්න් එම ඉලක්ක සැබෑ වුන ගමන්ම ඔවුන් විවාහ වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |







