රට යද්දී බිරිඳගේ ආදර සුවඳ විඳින්න සැමියා දිය රෙද්දත් අරන් ගිහින්, ආපහු ගෙදර එද්දී බිරිඳ පැදුරටත් නොකියා ගිහින්

Gossip Today
By Sithumi May 14, 2022 05:42 PM GMT
Sithumi

Sithumi

Report

සැමියා තම බිරිඳට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් බදුල්ල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබේ. දෙදෙනා විවාහ වුණේ වසර කිහිපයක පෙම් සම්බන්ධයෙන් පසුවයි. බොහෝ සැමියන් සේ මේ සැමියාද තරුණ භාර්යාවට දැක්වූයේ අසීමිත ආදරයකි

. හිටි හැටියේ අනපේක්ෂිතව ආ කොවිඩ් මේ දෙදෙනාගේ අනාගත සැලසුම් වතුරේ පාකර හැරිf අතර ඒ සැමියා සිදුකළ රැකියාව ඔහුට අහිමිවීමත් සමඟයි. කොවිඩ් රෝගයට තම අනාගත සැලසුම් ලෙහෙසියෙන් කපා හැරීමට ඉඩක් දීමට මැලිවූ සැමියා විදෙස් ගතවීමට තීරණය කළේ මේ අතරතුරයි. ඊට ඔහුට තිබූ එකම බාධකය වූයේ තරුණ භාර්යාව තනිකර දමා යාමයි.

කෙසේ වුවත් ඊට සිත දැඩිකර ගත් ඔහු සිය භාර්යාවගේ සුවඳ නින්දේදී විඳගැනීම සඳහා ඇය දිය නෑමට භාවිතාකල දිය රෙද්ද රට රැගෙන යාමටද අමතක නොකළේය. රට ගිය ඔහු සිය සයනයේ මොනතරම් හොඳ ඇඳ ඇතිරිලි තිබුණත් ඊට උඩින් දමා ගත්තේ සිය භාර්යාවගේ දිය රෙද්දය. රට ගිය ඔහු දින කිහිපයක කෙටි නිවාඩුවට මෙරටට එන්නේ සිය භාර්යාව දැක ගැනීමට ඇතිවූ නොතිත් ආශාව නිසාවෙනි.

ඔහු රට සිට මෙරටට එන්නේ භාර්යාවද දැනුවත් කරමිනි. ඔහු රට සිට ගෙදර එනවිට තරුණ භාර්යාව වාශ්ප වී තිබුණි. මව, පියා ඒබව දැන්වූවිට ඔහු හඬා වැටුනේ ගමන් මල්ලෙන් එළියට ගත් දිය රෙද්දක්ද පෙන්න පෙන්නා “අනේ මට එයා නිතරම සිහිවෙන්න ඕනෑ නිසා මම මේ දිය රෙද්දත් අරන් ගියා” යැයි කියමිනි.

එය දුටු සියලුදෙනා රට සිට සැමියා එනවිට හොර රහසේ වෙන අයෙකු සමඟ හොරෙන් පැන ගිය ඇයට දෙස්දෙවොල් තිබ්බේ “අනේ කොච්චර හොඳ සැමියෙක්ද ඔහුගේ ආදරයේ තරම දිය රෙද්දෙන් පෙනෙනවා” යයි කියමිනි.